Saturday 27th of April 2024

English Tamil
Advertiesment


ශ්‍රී ලංකා -බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් තරඟාවලිය ඇරඹේ


2021-10-15 7597

 

(හේමන්ත තුසිත කුමාර)

 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ පත් කර ඇති අතර උප නායකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ රවීන්ද සිල්වා පත් කර ඇත. සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුලත්ය. 

දෙරට අතර පළමු තරඟය ඔක්තෝබර් 15 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර අනෙක් තරඟ 18, 20, 23 සහ 25 යන දිනයන්හිදී පැවැත්වේ. තරඟාවලිය තරග 5 කින් සමන්විත ය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංග්ලාදේශ පිලට එරෙහිව ඔක්තෝබර් 15 වැනිදා තරගයට ක්‍රීඩා කරන්නේ මාස 20 කට පසුව වන අතර බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ඇතුළු ඉදිරියේ පැවැත්වෙන තරග සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අවසන් සති 2 ක කාලයේදී නේවාසික පුහුණු කඳවුරකට සහභාගි විය.  

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ භෞත චිකිත්සකවරයා ලෙස ද බුද්ධික හේරත් අභ්‍යාසක ලෙස ද කටයුතු කරති.

 

Advertiesment